පොල් වගාව සදහා කාබනික පොහොර යෙදීම


  • කාබනික පොහොර භාවිතයේ වාසී


පසට ප්‍රධාන පොෂක මෙන්ම අංශු මාත්‍ර පොෂකද එකතු වේ.
පසේ භෞතික ලක්ශණ වැඩි දියුණු වේ.
පසේ කාබනික අංශු ප්‍රමාණය වැඩි වේ.
පාංශු මහා ජීවීන් හා ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ.
පාංශු වාතනය වැඩිවන අතර හොද ව්‍යුහයක් ඇතිවී පස බුරුල්වේ.
පසේ කැටයන හුවමාරු ධාරිතවය වැඩිවී යොදනු ලබන පොෂක දිගු කලක් පසේ රදවා තබා ගනීමට හැකි වේ.
පාංශු ජලය රදවා තබා ගැනීමේ හැකියාව වැඩිවේ.
වගාවට පොෂක හා ජලය සැපයීමේ හැකියාව වැඩි දියුනුවේ.


  • භාවිතා කල හැකි කාබනික පොහො වර්ග


-සත්ත්ව පොහොර
ගොම පොහොර , කුකුල් කොටු පොහොර, එළු පොහොර
සැ.යු කුකුල් පොහොර , කොටු වලින් ඉවත් කර මාස 2-3 ක්ෂෙත්‍රයේ ගොඩ ගස තබා පදම් කර භාවිතා කල යුතුය.

-ශාක පොහොර
ග්ලිරිසීඩියා. වල්සූරිය , එරබදු.

පොලොවෙන් නිධි ලෙස ලබාගන්නා ඛනිජ වර්ග.
ඩොලමයිට්, එප්පවල රොක් පොස්පේට්. පොටැසියම් සල්පේට්.


  • කාබනික පොහොර යෙදිය හැකි ක්‍රම



අපරටෙහි සුලභව හමුවන කාබනික ප්‍රභවයන්හී අඩංගු අත්‍යාවශ්‍ය පොෂක ප්‍රමාණ පිලිබද සැලකීමෙදී පොල් වගාවේ පොෂක අව්ශ්‍යතා සම්පූර්ණ කිරිම සදහා අතිරේක පොහොර වර්ග භාවිතා කල යුතුය. එසේ භාවිතා කරන අතිරේක පොහොර වර්ග අනුව කාබනික පොහොර යෙදීමෙදී ක්‍රම තුනක් දැක්විය හැක . වගාකරුවන්ට තමන්ගේ අවශ්‍යතාවය මත කාබනික පොහොර යෙදීමේ ක්‍රම තුනක් දැක්විය හැක. වගා කරුවන්ට තමන්ගේ අව්ශ්‍යතාවය මත කාබනික පොහොර යෙදීම සදහා මෙම එක් ක්‍රමයක් තොරා ගත හැක.


  • කාබනික පොහොර සමග අමතර රසායනික පොහොර භාවිතය


කාබනික පොහොර සමග යෙදිය යුතු අතිරේක පොහොර රසායනික/ අකාබනික පොහොර මගින් සැපයීම සිදු කෙරේ.


  • කාබනික පොහොර පමණක් භාවිතය


මෙහිදී භාවිතා කරන කාබනික පොහොර වර්ගයට අමතරව යෙදිය යුතු අතිරේක පොෂක ප්‍රමාණයන් නිධි මගින් ලබාගන්නා ඛනිජ ද්‍රවු‍ය හො කාබනික ද්‍රව්‍ය මගින් ලබාදේ. මෙම ක්‍රමය කාබනික පොල් වගාව ලෙස හැදින්වේ.


  • කාබනික සහ අකාබනික පොහොර භාවිතය ( ඒකාබද්ධ පොෂක කළමනාකරණය )


මෙහිදී පොහොර නිර්දේශය සදහා, අර්ධ වශයෙන් කාබනික පොහොරද ඉතිරි අර්ධය අකාබනික/ රසයන පොහොරද ඇතුලත් කර ඇත . පොල් වගාව සදහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමානයම සොයාගැනීමට නොහැකි අවස්තාවලදී මෙම ක්‍රමය ඉතා පහසු සහ වාසිදායක වේ.


  • කාබනික පොහොර යෙදිය යුතු කාලය


පසේහි තෙතමනය ඇතිවිට


  • කාබනික පොහොර යොදන වාරගනන


පොල් පැළ සදහා මෙන්ම ඵල දරන ගස් සදහා ද අවුරුද්දකට වරක් යෙදිය යුතුය.


  • කාබනික පොහොර යොදන ක්‍රමය


පැළ ගස් සදහා

ගසේ මුලසිට පොහොර කවයේ විසිරුවා හැර පස් සමග කලවම් කර වසුනක් දමන්න.

ඵලදරන ගස් සදහා කාබනික පොහොර යෙදීම පාත්ති කපා පොහොර යෙදීම ලෙස හො මතුපිට යෙදීම ලෙස සිදුකල හැක.


  • පත්ති කපා පොහොර යෙදීම


ගසේ සිට අඩි තුනක් දුරින් අඩි 3ක් පළල හා අගල් 304 ත් ගැබුරු පාත්තියක් කපා එයට කාබනික පොහොර දමා පස් වලින් වසුන් කල යුතුය.


  • මතුපිට යෙදීම


ගසේ මුලසිට අඩි 6හි කවය තුල පොහොර විසිරුවා හැර අගල් 4ක් පමණ ගැබුරට සේ පස් සමග මිෂ්‍ර කර වසුන් කල යුතුය.

Comments