කොහු කෙදී කර්මාන්තය
අප රටෙහි අතීතයෙහි සිට පවත්වාගෙන එන කර්මාන්තයක් ලෙසට කොහු කෙදී කර්මාන්තය හැදින්විය හැක
මෙහිදී පොගවන ලද පොල් ලෙලි භවිතයෙන් යන්ත්‍රනුසාරයෙන් වෙන් කිරීම සිදු කරනු ලබයි.
පලමුව පොල් ලෙලි වතුර පිරුනු වලකට දමා සති 2ක් 3 ත් අතර කාලයක් පොගවනු ලබයි.
පොගවාගත් ලෙලි කැරකෙන ඇන සහිත සිලින්ඩරයකට අල්ලා පොත්ත සහ කොහු බත් වෙන් කරගනු ලබයි.
මෙවැනි යන්ත්‍ර 2ක් පමණ දක්නට ලැබෙන ඇතර අනෙකෙන් සම්පූර්නයෙන්ම පිරිසිදු කිරීම කරනු ලබයී.
මෙහිදී අතේ ඉතිරි උනු කෙදි බ්‍රිස්ටල් කෙදී ලෙසද යන්ත්‍රයෙන් ඉවත්වන කෙදී කොහුබත් සහ කෙටි කෙදි ලෙසද දැක්විය හැකි අතර මෙම කොටස නැවත රැය්සියක් භාවිතා කරමින් කොහු බත් සහ කෙටි කෙදී වෙන් කරගනු ලබයි.
මෙහිදි කොහු බත යන්ත්‍රයෙන් ඉවතට යන අතර කෙටි කෙදි රයිසිය තුල ඉතිරි වේ. එම කෙදි වෙනමම වෙන් කරගනු ලබයි.
කෙටි කෙදි මෙට්ට කොහු ලෙසද හැදින් වේ.
අව්වේ වියලා ගැනීමෙන් පසුව ගොදිරි කොහු නිෂ්පාදනය සදහා උපයොගී කරගනු ලබයී.
ගොදිරි කොහු සැදීමෙදී ඒ සදහා සකස් කල යන්ත්‍රයක් භාවිතා කරනු ලබනවා මෙම ගොදිරි කොහු යන්ත්‍රයෙන් අව්වේ වියලාගත් ගොදිරි කොහු මිටි බවට පත් කරන අතර මෙම මිටි අපනයනය සදහා හො කොහු ලණු නිෂ්පාදනයට උපයොගී කරගනු ලබනවා.
වෙන් කරගත් දිගු බ්‍රිස්ටල් කෙදී රසයන ද්‍රව්‍ය භාවිතා කර තව දුරටත් සුදු කිරීම හො වර්ණ ගැන්වීම සිදු කල හැක
කොහු සුදු කිරීම සදහා විවිධ රසයන ද්‍රව්‍ය දියවූ ජලයේ ගිල්ව තබා ගැනීම හො වර්ණ ගැන්වූ ජලයේ ගිල්වා තබා වර්ණ ගැන්වීමද සිදු කරනු ලබන අතර පසුව වියළා ගනු ලබනවා.
සකස්ක ගත් බ්‍රිස්ටල් කෙදි පීරා මෙයින් සම්පූර්නයෙන් පිරිසිදු වු දිගු කෙදී හා කෙටි කෙදී වෙන් කරගන්න අතර පසුව දිගු කෙදී මිටි බැදීම සිදු කරගන්නා අතර.
මෙම කෙදී 
කොසු නිෂ්පදනයට සහ
කවාෂී බුරුසු නිෂ්පදනයට උපයොගී කරගනු ලබනවා

කෙටි කෙදී අපනයනය සදහා දගරලෙස සකස් කරන අතර ඒව ලින්ගුස් රොල් ලෙස හැදින් වේ.



Comments