" සිරකරුවන්ට නින්දත් අහිමි කරවන නව සත්වෝද්‍යාන වැඩපිළිවෙළට ඔබත් එරෙහි වන්න "
-------------------------------------------------------------
දෙහිවල ජාතික සත්වෝද්‍යානය 2017 / 09 / 21 වන දින සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට කටයුතු සූදානම් කර ඇති බවත් නිශාචර සතුන්ගේ හැසිරීම් නැරඹීමට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් පවසන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බළධාරීන් මේ සූදානම් වන්නේ දහවල් කාලයේ මිනිස් නෙත් හා ක්‍රියාකාරකම් හමුවේ මානසිකව දුර්වල වී ඇති සතුන් තව දුරටත් විඩාපත් කිරීමට ද..?
රාත්‍රී කාලය සඳහා වෙනම කොටසක් විවෘත කරන බව පවසන බළධාරීන්ට , වනසත්ත්ව සංරක්ෂණය වෙනුවෙන් කලයුතු ක්‍රියාමාර්ග මේවා දැයි ගැටලුවකි. බළල් පවුලේ සතුන්, බකමූණන් හා රෑ කොකුන්.කලවැද්දන්, උණහපුළුවන් හා මුවන් ගෝනුන් හා අලි ඇතුන් වැනි සතුන් සොබාවික පරිසරයේ දී රාත්‍රී කාලයේ සක්‍රීය වෙති. දහවල් කාලයේ අධික තාපය වැනි කාරණා නිසා නිද්‍රාශීලිව ගත කරන වන සතුන් රාත්‍රියේ දී ක්‍රියාශීලි වීම සාමාන්‍ය සිදුවීමකි.
නමුත් සත්වෝද්‍යාන තුල කූඩු තුල ගත කරනා සතුන් උදෑසන 08 සිට සවස 06 වන තුරු පමණ මානව ක්‍රියාකාරකම් නිසා ඉතා දැඩි මානසික පීඩනයකින් ගත කරයි. සංචරණය කිරිමට ඇති කූඩු තුල ප්‍රමාණවත් ඉඩ නොමැති වීමත්, සමහර කූඩු තුල සත්ව විශේෂයේ ගහණය අධික වීමත් නිසා දහවල් කාලයේ දී පවා පීඩාවට පත් සතුන්ට රාත්‍රී 10 වන තුරුත්, කෘත්‍රිම ආලෝක ධාරාවන් යටතේ සිටීමට සිදුවීම ඉතා ඛේදනීය තත්වයකි. ලෝකයේ වනසත්ත්ව සංරක්ෂණයේ දී විතැන් සංරක්ෂණය සඳහා කූඩු ක්‍රමය භාවිතා කිරීම යල් පැනගිය යුගයක සිරගත කරන ලද සිරකරුවන් මෙසේ තවත් පීඩනයට පත් කරමින් නින්දිත වින්දනයක් ලැබීම මනුෂ්‍යත්වය ඉක්මවා යෑමකි. එලිමහන් සත්වෝද්‍යාන ක්‍රමයත්, සත්වෝද්‍යාන රහිත රටක් යන සංකල්පය පිලිගත් ලෝකයක, ලංකාවේ මෙවන් සිදුවීමත්, 2019 වසරේ දි සයිටිස් වැනි සමුලු පැවැත්වීමටත් බලාපොරොත්තු වන ලංකාව සිය වනසත්ත්ව සංරක්ෂණ ප්‍රතිපත්ති ලෝකය හා ගැලපිය යුත්තේ කෙසේදැයි සබුද්ධිකව විමසිය යුතුය.
( නිදහසෙහි අගය දන්නේ නිදහසේ සිටින්නන් නොව නිදහස අහිමි වූවන් ය )
මුල කතෘ අයිතිය ©Shashikalana Ratwatte ..

Comments
Post a Comment