මට ජිවත්වෙන්න ඉඩක් දෙනවද?.........
දිවියා - අන්න මනුස්සයෙක් එනවා. ඉක්මනට හංගෙන්න ඔන.
සිරිසේන - අයියෝ!!!!! මෙන්න මේ දිවි පුන්චා අතරමන් වෙලා. පවු..... අරගෙන යන්න ඔන මෙයාව.
දිවියා - එපා... එපා... මං අතරමං වෙලා න .
සිරිසේන - අඩන්න එපා බබෝ... මං ඔයාව වනජිවී මාමලාට දෙන්නම්කෝ.....
දිවියා- අයියෝ... මං කියනදේ මේයාට තේරුනානම්. අම්ම මාව හංගලා ගියේ කන්න දෙයක් ගේන්න. ඒත් මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ මං අතරමන් වෙලා කියලා. ඒ නිසා මාව බේරගන්න හිතාගෙන අරගෙන යනවා. අනේ මාමේ ඔයාගේ අනුකම්පාව මට ගොඩක් වටිනවා.... ඔයාට පිං. ඒත් මං අතරමං වෙන්නේ ඔයා අරං ගියාම කියලා ඔයාට තේරුනානම්.... මගේ අම්මට තියෙන වේදනාව ඔයාට තේරුනානම්, ඔයාට ගෝඩාක් පිං. ඒ නිසා මට අහන්න තියෙන්නේ "මට ජිවත්වෙන්න ඉඩක් දෙනවද? කියලා......
මුල් අයිතිය -චමින්ද අත්තනායක
Comments
Post a Comment